hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 ජනවාරි 27, ප.ව. 2:04



මුලතිව් ප්‍රදේශයේ ගුරුවරයකු සිය නිවස තුළදී සිසුවෙකුට ඉතා අමානුෂික අන්දමට පහර දෙන සිද්ධීන් ඇතුළත් වීඩියෝවක් මුලතිව් ජනතාව විසින් වගකිව යුත්තන් වෙත යොමු කොට තිබෙනවා.

මෙම ගුරුවරයා සිය නිවසට සිසුන් කැඳවා නිතරම පහර දෙන බව ප්‍රකාශ කරන මුලතිව් වැසියෝ සාක්කි සහිතව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මුලතිව් මානව හිමිකම් නිලධාරීන්ගෙන් වෙනමම ඉල්ලීමක් කොට තිබෙන බවයි.

සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරයා මේ වනවිට සිය නිවස අතහැර පලා ගොස් ඇති බව පැවසූ මුලතිව් ප්‍රදේශවාසීන් ඔහුව සොයා අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලිසියේ නිලධාරීන් උත්සාහ කළ යුතු බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: