hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 05, ප.ව. 2:49



අහංගම අරන්වල ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හෝටල් කාමරය තුල නිදියහනේ දි  හදිසියේ  මියගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසනවා.

මියගොස්  ඇත්තේ යුනයිටි කින්ඩමි නැමති 74 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

මෙම විදේශිය ජාතිකයා වැලිගම ප්‍රදේශයේ හෝටලයට සිට ඉකුත් 03 වැනි දින පස්වරුවේදී අහංගම ප්‍රදේශයේ පිහිටි හෝටලය වෙත පැමිණ තිබෙනවා.

මෙම විදේශිකයා මෙම හෝටලයේ කාමරයක ලැගුම්ගෙන සිට ඇති අතර එදින හෝටලයෙන් කිසිඳු ආහාර පානයක් ඇනවුම් නොකර කාමරයේ දොර ජනෙල් වසාගෙන සිට තිබෙනවා.

ඊයේ (04) මොහු හෝටල් කාමරයෙන් එලියට නොපැමිණිම නිසා හෝටලයේ හිමිකරු විසින් කාමරයේ ජනෙල් කවුලකින් බලන විට විදේශ ජාතිකයා ඇද මත නිදාගෙන සිට තිබෙනවා.

කාමරයේ දොරට හා ජනේල් වලට තට්ටු කලද මොහු අවදි නොවු නිසා සැක සිති අහංගම පොලිස් ස්ථානයට මේ පිළිබද දැනුම් දි තිබෙනවා.

ඒ වන විට විදේශිකයා මියගොස් සිට ඇති අතර ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මොහු හදිසියේ ඇති වු රෝගි තත්වයකින් මිය යන්නට ඇති බවට සැකකරණ අතර  අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.