hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 07, ප.ව. 7:17



තියුණු ආයුධයකින් පහර කෑ තරුණයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය සඳහන් කරනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අනුරුද්ධ ධනංජය ද සිල්වා නැමති 27 හැවිරිදි තරුණයෙක්.

නිවසක් තුළට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙක් එහි කාමරයක් තුළ නිදා සිටි තරුණයෙකුගේ ගෙලට මන්නයකින් පහරදී පළාගොස් තිබෙනවා.

පහරකෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

කළුතර දකුණ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.