hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 9:06



පොළොන්නරුව – ගෝනගම – කුඹුක්කන් ආරුව ඔයට වැටී පියෙකු සහ දියණියක ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ පෙරවරු 10.30 ට පමණ ඔවුන් ඔයට වැටී අතුරුදන්වූ අතර, ගුරුවරයෙකු වන 46 හැවිරිදි පියාගේ සිරුර පළමුව සොයාගත්තා.

12 හැවිරිදි දියණියගේ සිරුර පසුව සොයාගැනුනේ එම ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් වූ ප්‍රදේශයකින්.

පොලිසිය සැක කරන්නේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය දියණිය ඔයට වැටීමෙන් පසු ඇය මුදාගැනීම සඳහා පියාද ඔයට පැන ඇති බවටයි.

මියගිය පියා සහ දියණිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්.