2023 පෙබරවාරි 19, පෙ.ව. 10:12
            
පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමට හා 66%කින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විශේෂ සාකච්ඡාවක් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටුව රැස්වී එහි සියලු නායකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ග ගන්නා ආකාරය රටට හෙළි කරන බව ද දැනගන්නට තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට මේ දිනවල කොළඹින් බැහැරව සිටින බැවින් ඔවුන් ගන්නා තීන්දුව දැනට ප්‍රකාශ කළ නොහැකි බවත් ඉදිරි දින දෙක තුන තුළ සියලු දෙනා රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවත් වාර්තා වනවා.
තව ද විදුලි බිල වැඩි කිරීම මේ මොහොතේ ජනතාව මත පැටවීම ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමක් බවත් මීට එරෙහිව අනිවාර්යයෙන් ම සටනක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් එහි නායකයින් ප්‍රකාශ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.
එමෙන් ම, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද නියමිත දිනට නොපැවැත්වෙන බව කොමිසම පැවසූ අතර ඊට අදාළ ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වන බව වාර්තා වනවා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
26-10-25
                                            26-10-25
20-10-25
                                            20-10-25
17-10-25
                                            17-10-25
15-10-25
                                            15-10-25
10-10-25
                                            10-10-25
05-10-25
                                            05-10-25
30-09-25
                                            30-09-25
26-09-25
                                            26-09-25
25-09-25
                                            25-09-25
24-09-25
                                            24-09-25
18-09-25
                                            18-09-25
10-09-25
                                            10-09-25