hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 24, පෙ.ව. 7:55



මෙවර පළාත් පාලන මැතිවරණයට සමගාමීව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබු ජන රැළිය අවලංගු කර තිබෙනවා.

අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකරමින් ජන රැළිය නොපැවැත්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා,

පළාත් පාලන මැතිවරණය පිළිබඳව පළමු මංගල රැස්වීම අපි අනුරාධපුරයෙන් තියන්න 24 වනදා යොදාගෙන තිබුණා. නමුත් පස්සේ අපි පක්ෂයේ නායකයෝ සාකච්ඡා කරලා නඩු දිනයේදී මොකක්ද දෙන තීන්දුව කියලා බලලා රැස්වීම තියමු කියලා අපි තීන්දු කළා. ඒ නිසා අපි තීන්දු කරා 24 තියන්න තිබුණු රැස්වීම මාර්තු මාසයේ මැද හරියේ තියන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම සාකච්ඡාවල් අපි සැලසුම් කළා. ඒ අනුව අපි දැවැන්තම රැස්වීම. ඔය ජනතා විමුක්ති පෙරමුණ, සජබය, අරවයි මේවයි ඔක්කොම තිබුණු රැස්වීම්වලට වැඩිය මංගල රැස්වීම හැටියට මාර්තු මාසයේ මැද හරියේ සල්ගාදු පිටියේ, අපිට පුරුදු තැන දැවැන්ත රැළියක් පවත්වලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වන්න. සමහරු කියනවා වැටිලා තියෙනවා, රැස්වීමක් තියාගන්න බෑ, ගමට යන්න බෑ කියලා, ඒ සියලුම දේවල්ව;ට පිළිතුරු දෙන්න මහා රැස්වීමක් අනුරාධපුරයේ පවත්වනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: