hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 මාර්තු 17, පෙ.ව. 8:19



කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක කොග්ගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (16) දින දෙදෙනෙකු මියගිය බව හබරාදුව පොලීසියේ නිළධාරියෙක් කියා සිටියා.

ඊයේ දහවල් 12.30ට පමණ කොළඹ සිට මාතර බලා ගමන් කරමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණ මියගිය දෙදෙනා අහංගම වැල්හේන්ගොඩ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙක්.

දුම්රියේ ගැටුනු මෝටර් රථය දුම්රියේ පැටලී මීටර් 800 ක් පමණ ඇදී ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මියගිය අයගේ සිරුරු කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හබරාදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 බුද්ධික වීරසිංහ – හික්කඩුව