hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 මාර්තු 31, ප.ව. 8:11



සිය නිවස තුළ අභිරහස් ලෙස මියගොස් සිටි රූමත් තරුණ නීතිඥවරියකගේ මළසිරුරක් තිබී සොයාගෙන තිබෙනවා.

ඒ, පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසකදීයි.

පැල්මඩුල්ල පොලීසිය සඳහන් කළේ දුෂ්මන්ති අබේරත්න නම් 40 හැවිරිදි නීතිඥවරියගේ සිරුර අද (31) උදෑසන ඇයගේ නිවසේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගත් බවයි.

නීතිඥවරියගේ සැමියා ඊයේ (30) රාත්‍රියේ සිට නිවසේ සිට නොමැති බවට වාර්තා වූ බවද පොලීසිය පවසනවා.

මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ සාමාජිකයින් පැල්මඩුල්ල පොලීසියට දැනුම්දී තිබෙනවා.

මියගිය නීතිඥවරිය ඊයේ රාත්‍රියේ ජංගම දුරකථනයෙන් පවුලේ අයෙකුට යොමු කර තිබූ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඇයට සිදුවු පහරදීමක් ගැන තොරතුරු එම කෙටි පණිවුඩයේ සඳහන් බව පොලීසිය පවසයි.