2022 මැයි 12, පෙ.ව. 9:39
උතුරු කොරියාවෙන් පළමු වරට ‘කොවිඩ් 19’ ආසාදිතයකු වාර්තා වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය පවසනවා.
යොංග්පෙන්ග් අගනුවර උණ රෝගියකු කොවිඩ් 19 පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදී ඔහු ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි උතුරු කොරියාවේ කේ.සී.එන්.ඒ රාජ්‍ය පුවත් සේවය පෙන්වා දෙනවා.
එම තැනැත්තාට ආසාදනය වී ඇත්තේ කොවිඩ් 19 ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බිහිසුණු ඔමික්‍රෝන් විකෘතිය යැයි ද හඳුනා ගැනීමට උතුරු කොරියානු සෞඛ්‍ය අංශ සමත් වී තිබෙන බව වාර්තා වනවා.
පළමු ආසාදිතයා මෙසේ වාර්තා වීමත් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද අතරේ විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්.
එහිදී වෛරසය ව්‍යාප්තිය හැකිතාක් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ පැනැවීම මෙම හමුවේ දී සිදුවී ඇතැයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට උතුරු කොරියානු නායකයා උපදෙස් ලබා දුන් බව ද පැවැසෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48