hit counter

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 05, ප.ව. 12:10



වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුගයාය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල ප්‍රදේශය දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සිටි 44 හැවිරිදි වියේ පසුවන තණමල්විල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු, ඔහුගේ බිරිඳ සහ පියා මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳ 42 හැවිරිදි වියේ සහ පියා 70 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ 11 හැවිරිදි දරුවෙකු තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ කැබ් රථයේ රියදුරු බීමත්ව සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි.

අනතුර සම්බන්ධ‍යෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.