hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 07, ප.ව. 4:38



පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අද (07) පෙරවරුවේ මෙම පහරදීම සිදු කර ඇති අතර, පහරකෑමට ලක් වූ කාන්තාව රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මියගිය තැනැත්තිය වෘත්තියෙන් පෙර පාසල් ගුරුවරියක් බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ තරුණිය කොබ්බෑකඩුව – ගිනිහේන ප්‍රදේශයේ සිය සේවා ස්ථානය වෙත යමින් සිටිය දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.

මෘත දේහය ඉලුක්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තැන්පත් කර ඇති අතර, ඝාතකයින් සොයා පේරාදෙණිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි