hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 5:29



සීදුව ලියනගෙමුල්ලේ පිහිටි ප්‍රධාන මෙතෝදිස්ත දේවස්ථානය කරා නිතර ආ ගිය 16 හැවිරිදි බැතිමත් ශිෂ්‍යයකුට වට්ස්ඇප් (වීඩියෝ) තාක්‍ෂණයෙන් සිසුවාගේ නිරුවත් ඡායාරූප තමා වෙත එවන ලෙසට නිතර නිතර බල කරමින් සිසුවා ලිංගික අපයෝජනයට ගැනීමට තැත් කළ බව කියන එම දේවස්ථානයේ ප්‍රධාන දේවගැති බව කියන ජෙරම් වන්නිය බණ්ඩාර නමැත්තා අප්‍රේල් මස 28 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරණායක මහතා 23 දා නියෝග කළා.

සීදුව පොලිසියේ සැරයන් (51717) හරිස්චන්‍ද්‍ර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව තමාව ලිංගික වශයෙන් ගිල ගැනීමට තැත් කළ බව කියන ප්‍රධාන දේවගැතිවරයාගෙන් මිදීම සඳහා සිසුවා සීදුව පොලිසියේ පිළිසරණ පතා තිබෙනවා.

ඒ පිළිබඳව පුළුල් විමර්ශන කර ඉන් අනතුරුව ප්‍රධාන දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. වැඩිදුර විභාගය අප්‍රේල් මස 28 වැනි දින පැවැත්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: