2023 අප්‍රේල් 29, පෙ.ව. 11:10
දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට යවන ලද ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් ඒකමතික තීරණයක්ගෙන තිබුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට මෙම ලිපිය ඉකුත් 25 වැනිදායි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුව ලබාදීමට කලින් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 ගේ දෙනකුගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට යැවූ ලිපියේ ද සඳහන් කර තිබෙනවා.
එම නිසා එම සාකච්ඡාවට සහභාගි වූ පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 දෙනා ද කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.
දකුණු පලාත් භළාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම ලබා දෙනු ලැබුවේ ජාතික පොලිස් කොමිසමේ පූර්ණ අනුමැතියට යටත්ව බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කර තිබුණා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව තමාට ලබා දී ඇති අනීතික ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බව සඳහන් කරමින් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට ද ලිඛිතව දැනුම් දී තිබුණා.
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට බලය ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට වන අතර එම කොමිෂන් සභාව මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුකිරීම් අනුමත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් ලබාදී නොමැති බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලේකම්රයාට යැවූ ලිපියේ සඳහන්.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25