hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 අප්‍රේල් 29, ප.ව. 6:31



පොලීසිය විසින්, විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වට්ස්ඇප් ඔස්සේ සැකකරුවන් විසින් අදාළ වීඩියෝව පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබුණා.

මෙම සිදුවීම වාර්තා වී තිබුණේ අලුත්ගම දර්ගා නගරයෙන්.

අලුත්ගම පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

පසුගිය 26 වනදා අලුත්ගම දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා මෙම ක්‍රියාව සිදුකර තිබෙනවා.

හෙට (30) සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් ය. සැකකරුවන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.