hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 01, පෙ.ව. 3:12



කොළඹ ප්‍රධාන බාලිකා පාසලක සිසුවියකට කුඩු පොවා දූෂණය කළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

17 හැවිරිදි පාසල් සිසුවියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් එලෙස අත්අඩංගුවට ගැනුණා.

ඒ, තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව කියමින් මව කළ පැමිණිල්ලකට අනුවයි.

එමෙන්ම දියණිය තරුණයකු සමඟ වසර 6ක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවද ඇය කළ පැමිණිල්ලේ සඳහන්.

සැකකරු සමඟ සමඟ හෝටල් කාමරයක රැඳී සිටි එම 17 හැවිරිදි සිසුවිය ද පොලිස් භාරයට ගත් අතර ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියකි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කිසිදු රැකියාවක් නොකරන අයෙක් බවද සඳහන්.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: