hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 මැයි 12, ප.ව. 8:56



කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී රාත්‍රී කඳවුරක් සඳහා ඊයේ (11) පැමිණ එහි නැවතී සිටි යුවලක් සඳහා වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක්.

හෙද සිසුවියක් වන මියගිය තරුණිය ලබන සතියේ සිය පත්වීම ලබාගැනීමට නියමිතව තිබුණා.

පහරකෑමෙන් කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව රෝහලට මාරු කර යැවුණු තරුණයා 22 හැවිරිදි වියේ පසුවන වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.