hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 මැයි 19, ප.ව. 8:12



කල්දමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිමවූ නෙළුම් මලක හැඩයෙන් යුත් ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළා.

එම ධාතු කරඬුව සොරා ගන්නා විට එය උණු කර තිබූ බවත් ගෑම් 61මිලිගෑම් 170 බරින් යුත් රන් ගුලියක් පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

ඉකුත් ජනවාරි 18 වෙනි දින මෙම සොරකම සිදුකර තිබුණා.

අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 52ක ඉංගිරියේ පදිංචි පුද්ගලයෙක්.

ආරියවංශ අවුරුදු 38ක පිළියන්දල පදිංචිකාරියක්.

සැකකරු සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වනවා.