hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 මැයි 21, ප.ව. 6:05



20 හැවිරිදි තරුණයෙකු මදුරන්කුලිය, වේලාසිය රත්මල්ගස්වැව ජයම්පති වැවේ මල් කැඩිමට ගොස්  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඥාතින් පිරිසක් සමග කැලණිය පන්සල වන්දනා කිරීමට යාම සඳහා ජයම්පති වැවෙන් රතු ඕලු කැඩිමට වැවේ පිහිනා යමින් සිටියදී එහි තිබු පාසි තුළ පැටලි සිරවිමේන් පසු ආපසු ගොඩට ඒමට නොහැකිව ජලයේ ගිලී තරුණයා මරණයට පත්ව ඇති බවයි.

 වේලාසිය රත්මල්ගස්වැව පදිංචි 20 හැවිරිදි එස්. ඒ. දිලාන් දිල්හාර නැමති දරුවන් සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමල් දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා.

මෙම තරුණයා ජයම්පති වැවට රතු ඕලු මල් කැඩිමට තම පුංචි සමග ගොස් ඇති අතර මල් කඩමින් සිටි තරුණයා එකවර නොපෙනී ගොස් තිබෙනවා.

ඒ සමග බියට පත්වු පුංචි විලාප තබමින් අවට පිරිස් වෙත කෑ ගසා ආධාර ඉල්ලා තිබෙනවා.

එහිදී ගම්වාසීන් පැමිණ දැඩි වෙහෙසක් දරා පාසි තුළ සිරවී සිටි දිලාන්ව ගොඩට ගෙන තිබු නමුත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා.

මෙම තරුණයා දියේ ගිලි මරණයට පත්වු වැව ඔහුගේ සීයා විසින් ඉදිකළ ජයම්පති නමින් හැඳින්වෙන වැව බව වාර්තා වෙනවා.