hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 22, පෙ.ව. 2:07



කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් එල්ල කළ වෙඩි පහරකින් ගම්පොළ පන්විලතැන්න නිවසක සිටි පාසල් සිසුවකු වෙඩිවැදී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි වැදී නිවසේ සිටි රොට්වයලර් වර්ගයේ සුනඛයකු මිය ගොස් ඇති අතර නිවසේ වහලය ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි පහරවල් දක්නට තිබෙනවා.

ගම්පොල කොට්ඨාස බාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (21) අලුයම 5.40 පහට මෙම නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනකු රෝහල් ගත කර තිබේ. ඔවුන් බල්ලාගේ සපාකෑමට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සුනඛයා සපා කෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

කිසිදු සැකකටයුතු දෙයක් සොයාගෙන නැත.