hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජූනි 01, ප.ව. 2:27



ඊයේ (31) පිල්ලෑව දේවාලයේ ප්‍රධාන කපුවා හොරොයින් සමඟ බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වේරහැර වත්තේ සඳාගේ මත්ද්‍රව්‍ය තිප්පොලේ සිටිය දී අත්අඩංගුවට ගත් බව වාර්තා වන්නේ.

මේ අතර පෙරේදා (30) මාර්ගවල සහ බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකතන සොරකම් කිරීම සම්බන්ධව සැක පුද්ගලයකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොටාඨාස අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

මෙම සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 200ක් සහ සොරකම් කරන ලද ජංගම දුරකතන 8ක් තිබී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.