hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 09, පෙ.ව. 9:14



බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් අටසියයක් සමග බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ බන්ධනාගාර නියාමකවරයෙකුට මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා පෙරේදා (07) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ බන්ධනාගාර නියාමකවරයෙකු වූ 45 හැවිරිදි එම්.ජී. මාලක මිහිර බණ්ඩාර යන අයටයි.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා මත්කුඩු අලෙවි කරන බවට මෙම බන්ධනාගාර නියාමකවරයාට චෝදනා එල්ලවී තිබෙනවා.

වසර නවයකට ආසන්න කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා චූදිතට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

මෙම පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතා සහ චූදිත වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලන්ත පෙරේරා මහතා ඉදිරිපත්ව සිටියා.