hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 09, ප.ව. 6:40



මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍රදේශයේ වයස අවුරුදු පහක දරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙය ඝාතනයක් ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම කුඩා දරුවා නිවසේ තනිවම සිටින විට තණකොළ කපමින් සිටි ඔහුගේ පවුලේ හිතවතෙකු විසින් දන්වා ඇත්තේ දරුවා බෝතලයක් මත වැටී බරපතල කැපුම් සිදුවී ඇති බවයි.

බරපතල කැපුම් තුවාල මත සිටි දරුවා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබෙනවා.

මෙය ඝාතනයක් ද යන්නමුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ පරික්ෂා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.