hit counter

2026 ඔක්‍තෝබර් මස 20 වන අඟහරුවාදා

2023 ජූනි 26, ප.ව. 5:35



තම සිගිත්තියට ආහාර ලබා දෙමින් සිටි 26 හැවිරිදි සිය මවට අපස්මාර රෝගය වැළදීම නිසා ආහාර අනුභව කරමින් සිටි දියණිය අනුභව කරමින් සිටි ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වත්තේ පදිංචි අරුමුගන් අගල්යා (අවු1½ ) නැමති සිගිත්තියයි.

සිගිත්තියගේ මව දිවා ආහාර පිලියෙල කර නිවස තුලදි සිගිත්තියට ආහාර ලබා දි ඇති බවත් එම අවස්තාවේ එකවරම මවට අපස්මාර රෝගය වැළදිම නිසා ආහාර අනුභව කරමින් සිටි සිගිත්තියගේ උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් මව සහ සිගිත්තිය ඊයේ (25) රෝහල් ගත කර අවස්තාවේ සිගිත්තිය ජිවිතක්ෂයට පත් වි ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

ජිවිතක්ෂයට පත් සිගිත්තියගේ මව දිගු කාලයක් අපස්මාර රෝගයෙන් පෙලි ඇති බවත් ඒ සදහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මිය ගිය සිගිත්තියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාර මරණ පරික්ෂණය පැවැත්විම සදහා සිරුර දික්ඔය මුලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ