hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 28, ප.ව. 6:31



අනුරාධපුර නොච්චියාගම විද්‍යා ආදර්ශ මහා විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටී.බී අසිෆ් නැමැති දරුවාට පන්තියේම සිසුන් හත් දෙනෙකු පමණ එකතු වී පහරදීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

යකඩ පොල්ලකින් සිසුවාගේ හිසට පහර දී ඇති අතර දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූ එම සිසුවා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නොච්චියාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.