hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2023 ජූනි 30, පෙ.ව. 10:44



යාපනය අච්චුවේලි පොලිස් වසමේ නිර්වේලි ප්‍රදේශයේ පුදගලයෙකුට පහරදෙමින් කලහාකාරීව හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩිතැබීමට සිදුවූ බවට අච්චුවේලී පොලීසිය පවසා සිටියා.

ප්‍රදේශයේ ජීවිත් වන තරුණයෙකු සහ තරුණියක් අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයක් අතරතුරදී ලබාගත් ඡායාරූප කිහිපයක් තරුණයින් දෙදෙනෙකු විසින් පරිඝනක තාක්ෂණයෙන් නිරුවත් කොට එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම මෙම උණුසුම් තත්වයට හේතු වී ඇතැයි පොලීසිය පවසනවා.

ඊයේ (28) රාත්‍රියේ නිවසකට පිරිසක් පහරදෙන බවට 119 අංකයට ලද පණිවුඩයක් මත අච්චුවේලි පොලීසිය එම අවස්ථාවේදීම අදාල ස්ථානයට ගොස් ඇත. පොලිස් කණ්ඩායම අදාළ ස්ථානයට යන විටත් රුස්ව සිටි පිරිස් දිගින් දිගටම කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තත්ත්වය පාලනයට පොලීසිය අහසට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

රැස්ව සිටි පිරිස් විසින් ඡායාරූප ෆේස්බුක් වෙතට මුදාහැර ඇති බවට පැවසෙන තරුණයින් දෙදෙනෙකුට පහරදී ඇති අතර එම තරුණයින් නිවසකට වී සැඟව සිටි අවස්ථාවේදී රැස්වූවන් විසින් තරුණයින්ගේ යතුරුපැදියටද ගිනිතබා විනාශ කොට ඇතැයි වාර්තා වෙනවා.

එහිදී කලහාකාරීන්ගේ පහරකෑමට ලක්වු තරුණ‍යින් පොලිස් නිලධාරීන් විසින් මුදවාගැනීමෙන් පසුව  ඔවුන් තුවාල ලබා සිටීම හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් කලහකාරීන් අතර වූ උණුසුම් තත්වය හමුවේ පොලිස් නිලධාරියෙක්ද තුවාල ලබා ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතරම අදාල සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Example Image