hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 06, පෙ.ව. 10:59



ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කර තිබෙනවා.

ඊයේ (05) සවස ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේ දී මේ බව අනාවරණය වී තිබෙනවා.

මියගිය 25 හැවිරිදි තරුණයා, නාගලගම් වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහු පිටුපස ලුහුබැඳ පහරදීමට උත්සාහ කර ඇති අතර එයින් බේරීම සඳහා මියගිය තරුණයා අසල වෙළෙඳසැලක් තුළට දිවගොස් තිබෙනවා.

පසුව පිටුපසින් පැමිණි සැකකරුවන් පිරිස තියුණු ආයුධවලින් පහරදීමෙන් පසු පළාගොස් තිබෙනවා.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

මියගිය තරුණයා සමග කලක පටන් පැවති අමනාපයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Example Image