hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2023 ජූලි 17, ප.ව. 12:14



දක්ෂිණ අධිවේගී මාර්ගය ට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සාහ දැරීමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දි අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙක්.

සැකකරු මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දොඩංගොඩ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

යතුරුපැදිකරු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු වාහනයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුණේ මෙසේයි.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන්