hit counter

2026 ජූලි මස 26 වන ඉරිදා

2022 මැයි 19, ප.ව. 6:17



බුස්ස ඉන්ධන පිරවුම්හලේ  ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ  තිබු  ත්‍රිරෝද 5කට හා මෝටර් රියක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයෙකු අද (19)  අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් පරික්ෂකවරයෙක්.

මෙම අනතුරෙන් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇතැයි පොලීසිය කියයි.

පොලිස් පරික්ෂකවරයා රාජකාරියට වාර්තා කිරිම සදහා තම කාර් රථයෙන් ගමන් කරමින් සිටියදි  බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ නවතා තිබු රථවාහන පෙලේ ගැටි ඇති අතර එම අනතුරෙන් ත්‍රිරෝද රථ 05කට සහ කාර්රථයකට හානි වි ඇති බැව් පොලිසිය පවසයි.

පොලිස් පරික්ෂකවරයා විසින් පැදවු කාර් රථයටද හානි වි ඇති අතර පොලිස් පරික්ෂකවරයාට  නින්දයාම නිසා මෙම අනතුර වි ඇති බවට සැක කරන බවද පොලීසිය කියයි.