hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූලි 18, ප.ව. 2:45



ගුරුවරයකුට පහර දුන් පුද්ගලයින් දෙදෙනකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළා.

මැණික්හින්න පොලීසිය සඳහන් කළේ, ශිෂ්‍යනායක තනතුර තම ඥාති පුත්‍රයාට ලබා නොදුන් බවට උරණ වූ දෙදෙනෙකු විසින් රජවැල්ල දෙමළ මහා විද්‍යාලයේ විනයභාර ගුරුවරයාට පහර දී ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව මැණික්හින්න පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.