hit counter

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

2023 ජූලි 23, ප.ව. 12:58



වවුනියාව – තෝනික්කල් ප්‍රදේශයේ නිවසක පැවති උපන් දින සාදයක් අතරතුර එම ස්ථානයට පැමිණි නාඳුනන පිරිසක් අදාළ නිවසට ගිනි තැබීමක් සිදු කර ඇති අතර එහිදී එම නිවසේ සිටි තරුණියක් මියගොස් තිබෙනවා.

එසේම සිද්ධියෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මිය ගිය තරුණිය වයස අවුරුදු 21ක ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

වයස අවුරුදු 13ක ගැහැණු දරුවෙක් සහ අවුරුදු 02 හා 07 යන වයස්වල පසුවන කුඩා පිරිමි ළමුන් දෙදෙනෙක් ද තුවාල ලැබූ පිරිසට අයත්.

CCTV මඟින් සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුණු ආවරණය කරගෙන පැමිණෙන පිරිසක් අදාළ නිවසට ගිනි තබා ඇති බවටයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.