hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 ජූලි 25, පෙ.ව. 9:59



සමගි ජන බලවේගයෙන් ඉවත් කරන ලද හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පිළිබඳව තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන බව එම පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු අනාවරණය කළා.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා තවදුරටත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් නොවන බව පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

අනතුරුව ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන් පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල අමාත්‍යවරුන්ට දැනුම් දීමට නියමිතයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: