2023 ජූලි 28, පෙ.ව. 12:02
            
නුගේගොඩ කොට්ඨාසයේ පොලිසියක දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයකු මාළඹේ, තලාහේන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ බිරිඳට හසුවීමෙන් පසු එහිදී ගැටුමක් ඇතිව තිබෙනවා.
උප පොලිස් පරීක්ෂකවරයකු වන මෙම ස්ථානාධිපතිවරයා පසුගිය සතියේ දිනක මෙම සම්භාහන මධ්‍යස්ථානයට ගොස් පොලිස් නිල හැඳුනුම්පත ද පෙන්වා තමා සම්භාහනය කරවාගැනීම සඳහා එහි සිටි රූමත් තරුණියක රැගෙන ගොස් ඇත.
සම්භාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවක විසින් ඔහුගේ බිරිඳට මේ බව දැනුම් දීමෙන් පසු ඇය පැමිණ සැමියාට සහ ඔහු සම්භාහනය කරමින් සිටි කාන්තාවට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ද සම්භාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවත් පෙර විවාහයේ දරු දෙදෙනකු ද සිටින ඇය මෙකී උප පොලිස් පරීක්ෂකවරයාට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමහල් තැනැත්තියක බවද පැවසෙනවා.
මෙම කාන්තාව උප පොලිස් පරීක්ෂකවරයා සමග විවාහ වීමට පෙර බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකුගේ හිතවතියක බවත් මීට මාස තුනකට පෙර සිය සැමියාට ලැබුණු ස්ථාන මාරුව එම උසස් පොලිස් නිලධාරියා ලවා අවලංගු කරවාගෙන ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25