hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 අගෝස්‍තු 02, ප.ව. 6:37



ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේදි අභිරහස් ලෙස මියගිය කාන්තා මල සිරුර රැගෙන ඒමට ගිය යුධ හමුදා කෝප්‍රල්වරයෙක් හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුලද ජිවිතක්ෂයට පත් වු බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ නුවරඑලිය ශ්‍රි ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි කෝප්‍රල් කේ.එන්.එස්.කේ හේරත් (36) නැමති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කාන්තා මල සිරුර රැගෙන ඒම සදහා පොලිස් නිලධාරින්, යුධ හමුදා නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් රක්ෂිතය තුලට පිවිසෙන අවස්ථාවේ යුධ හමුදා කෝප්‍රල්වරයා පසුපසින් ගමන් ගත් බවත් පසුව ඊට පසු පසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු යුධ හමුදා නිලධාරියෙකු රක්ෂිතය තුල වැටි සිටින බව කල දැනුම් දිමක් මත යුධ හමුදා භට පිරිස් වහාම ක්‍රියාත්මක වි කෝප්‍රල්වරයා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේ කෝප්‍රල්වරයා ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කල බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.