hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 අගෝස්‍තු 04, ප.ව. 2:25



සෑම මොහොතකම අව්‍යාජ සිනහවකින් මුව සරසා ගත් සහන් රත්නායක බදුල්ල රෝහලේ සේවය කළ හිත හොඳ වෛද්‍යවරයෙක්.

ලස්සන පවුල් ජීවිතයක් ගත කළ ඔහු පිළිබඳව ඊයේ අසන්නට ලැබුණේ ඉතා කනගාටුදායක පුවතක්.

ඒ, සහන් රත්නායක වෛද්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවට ලැබුණු ආරංචියෙන්.

වැල්ලවායේ පදිංචි ඔහු සිය නිවස තුළදීම මෙම අවාසනාවන්ත තීරණය ගෙන තිබුණා.

වයස අවුරුදු 42ක් වන සහන් රත්නායක විවාහකයෙකු වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

සරසවි අධ්‍යාපනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලද ඔහු අවසන් වරට සේවය කර තිබුණේ බදුල්ල රෝහලේය.