hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 මැයි 23, පෙ.ව. 7:45



හදිසියේ රෝගී වූ දින දෙකක් වයසැති බිළිඳියක ඉන්ධන ගැටළුව හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම නිසා මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේදි තහවුරු වූ බව දියතලාව හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පවසනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සොරගුනේ රදාකඳුරේ බිළිඳියකයි.

ප්‍රමාණවත්ව කිරි උරා නොබීම හේතුවෙන් සිරුර කහ පාට ගැන්වීම නිසා දරුවා රෝහල්ගත කිරීමට පියා ත්‍රීරෝද රථයක් සෙව්වද ඉන්ධන හිඟය නිසා ත්‍රී රෝද රථයක් සොයාගැනීමට අපහසු වී තිබෙනවා.

මේ නිසා බිළිදිය රෝහල්ගත කිරීමට පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් පියා පවසා ඇතැයි වාර්තා වනවා.

ප්‍රමාණවත් කාලයක් තිබියදී රෝහල්ගත කෙරේ නම් දරුවා බේරාගත හැකිව තිබූ බවයි පියාට වෛද්‍යවරු පවසා ඇත්තේ.

පෙට්‍රල් ලීටරයක් සොයා ගැනීමට නොහැකිව වීම නිසා දියණිය මිය ගිය බවට පියා සාක්ෂි ලබාදී තිබෙනවා.

Example Image