hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අගෝස්‍තු 17, ප.ව. 12:38



මෙම වසර ඇතුළතදී සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල “තානායම”නමින් අලුතින් තානායම් 100ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපති දුලිප් විජේසේකර මහතා පවසයි.

සංචාරක මණ්ඩලය හා පුද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව මෙම තානායම් පවත්වාගෙන යෑමට නියමිතයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපතිවරයා පවසන්නේ තම ආයතනය යටතේ මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත්වලත් රත්නපුර,මාතර,පේරාදෙණිය ඇතුළුව දිවයින පුරා තානායම් 25ක් ක්‍රියාත්මක වන බවයි.

නිසි කළමණාකරණයක් නොමැතිවීම හේතුවෙන් ඉකුත් සමයේදී මෙම ආයතනය විනාශයට යමින් තිබූ බව සභාපතිවරයා කියයි

එහෙත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යධූරයට ප්‍රසන්න රණතුංග මහතා පත්වීමෙන් පසුව ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙන බවද සභාපවතිවරයා පවසනවා.

දේශපාලන වාර්තාකරු

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: