hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2022 මැයි 24, පෙ.ව. 9:55



යුක්‍රේන යුද්ධයට විරෝධය පළ කරමින් රුසියානු රාජතාන්ත්‍රික නිලධාරියෙකු සිය රැකියාවෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ රුසියානු දූත මණ්ඩලයේ සේවය කළ බොරිස් බොන්ඩරෙව් නැමති නිලධාරියෙක් මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.

යුක්‍රේන යුද්ධය අපරාධයක් බවත් ඊට විරෝධය දක්වමින් වසර 20ක සිය රාජ්‍යතාන්ත්‍රික වෘත්තීය ජීවිතය අවසන් කරන බවත් එම නිලධාරියා ප්‍රකාශ කර තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.