hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 අගෝස්‍තු 20, ප.ව. 2:16



කිලිනොච්චිය පොලීසිය පවසන්නේ, මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇති බවයි.

කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නැමති තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දරුවා අධ්‍යාපනප පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ දී ගණිතය අංශයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව ඇතැයි ද වාර්තා වෙමවා.

 සිත් තැවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරන අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී ඇත.

මියගිය සරසවි සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරු බව ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.