hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 24, ප.ව. 3:38



බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලීසිය සදහන් කරනවා.

24 වැනිදා අළුයම 6.00 ට පමණ හලාවත – කොළඹ මාර්ගයේ වෙන්නප්පුව – දෙමටපිටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරු බව පොලීසිය පවසයි.

තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ බස් රථයේ රියදුරු සහ එහි ගමන් කළ මගීන් පිරිසක්.

තුවාලකරුවන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල ලෙස තුවාල ලබා සිටි ලොරි රථයේ රියදුරු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.