hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 8:45



හොරණ, ගෝනපල ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයක් අතරතුරදී තරුණියක් මියගොස් තිබෙනවා.

විවාහ උත්සවය අතරතුර නර්ථනයේ නිරත වෙමින් සිටි අවස්ථාවේදී ඇය අසනීප තත්ත්වයකට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව එම තරුණිය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර පසුව ඇය හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාව වන විටත් අදාළ තරුණිය මියගොස් සිට ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බවයි පොලිසිය පැවසුවේ.