2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 2:05
මෝදරවාන ප්‍රජා ජල ව්‍යාපෘතියේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව පසුගිය අගෝස්තු 25වන දින සිට විදුලිය විසන්ධි කිරීම නිසා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තෙල්බදු ආර හා මෝදරවාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක පමණ දෙදහසකට වැඩි ජනතාවක් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
මෙම ජල ව්‍යාපෘතියේ විදුලි බිල සඳහා එක් පාරිභෝගිකයෙකු රුපියල් 300 බැගින් මෙතෙක් ගෙවා ඇති අතර විදුලි බිල වැඩි වීමත් සමඟ එක් පාරිභෝගිකයෙකුට රුපියල් දහසකට වඩා මුදලක් ගෙවීමට සිදුව තිබෙන අතර එය ඔවුන්ට දරාගත නොහැකිව තිබෙනවා.
මේ වන විට රුපියල් ලක්ෂ පහකට ආසන්න හිඟ විදුලි බිලක් ඇති අතර විදුලිය විසන්ධි කිරීමට ඉඩ නොදී මෙම ජල ව්‍යාතිය ඉදි කළ බෝධිරාජ ධර්මායතනය විසින් රුපියල් ලක්ෂ දෙකක් පමණ ගෙවා ඇති බව පැවසෙනවා.
එසේ නමුත් ඉකුත් 25 දින මෙහි විදුලිය විසන්ධි කර තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ විශාල ජනතාවකට ජලය සොයා ගැනීමට නොහැකිකමින් දුර බැහැර සිට මුදලට ජලය ගෙන්වා ගනීමට සිදුව ඇති බවත්, එයින් ඔවුන් විශාල අපහසුතාවයකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
20-04-26
20-04-26
17-04-26
17-04-26
14-04-26
14-04-26
12-04-26
12-04-26
09-04-26
09-04-26
07-04-26
07-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
02-04-26
02-04-26
31-03-26
31-03-26
26-03-26
26-03-26
24-03-26
24-03-26