2022 මැයි 27, ප.ව. 1:17
ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගියදා පාසලක සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් මියගිය එක් ගුරුවරියකගේ සැමියා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ජෝ ගාර්ෂියා රොබ් නැමති ටෙක්සාස් ප්‍රාථමික පාසලේ වසර 23ක් ඉගැන්වූ ඉර්මා ගාර්ෂියාගේ සැමියා බවයි පැවසෙන්නේ.
විවාහ වී වසර 24 ක් ගත වූ මෙම යුවළට දරුවන් හතර දෙනෙක් සිටිනවා.
ට්විටර් සටහනක් තබමින් ගාර්ෂියා මහත්මියගේ බෑණනුවන් වන ජෝන් මාර්ටිනස් කියා තිබෙන්නේ ගාර්ෂියා මහතා තම බිරිඳගේ ඝාතනයෙන් පසු “ශෝකයෙන් සිට හෘදයාබාධයකින් මිය ගිය” බවයි.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48