2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 1:15
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු රැකියා ඇනවුමක් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු විදේශගත කරවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාවන් දෙදෙනාව මැලේසියාව වෙත සංචාරක වීසා මත යැවීමට ඇය උත්සාහ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියකි.
එම සැකකාරිය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාවන් දෙදෙනා මැලේසියාවේ ගෘහ සේවයට යැවීම සඳහා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පෙරපාසල් ගුරුවරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකින් අනතුරුව පෙරපාසල් ගුරුවරිය අත්අඩංගුවට ගැනුණා.
සැකකාරිය හැටන් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.
ඇයට මෙම මස 18 වනදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද නියෝග කර තිබෙනවා.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26