hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 5:40



ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණතම දිරිගන්වන්නකු වන පර්සි අබේසේකර මහතා වෙනුවෙන් රුපියල් මිලියන 5ක් මුදලක් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව රෝගාතුර රෝහල් ගතව ප්‍රතිකාර ලබා සිට මේවන සිය නිවසේ සිටින පර්සි අබේසේකර මහතාගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා අද අබේසේකර මහතාගේ නිවස වෙත පැමිණියා.

එම අවස්ථාවේදී පර්සි අබේසේකර මහතාට මෙම රුපියල් මිලියන 5ක මුදල ප්‍රධානය කිරීමට පියවර ගෙන තිබෙනවා.