2022 මැයි 30, පෙ.ව. 10:07
මේවන විට පොහොර අර්බුදයෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින අතර ඒ හේතුවෙන් ඉදිරියෙදී ඇස්වැන්න අඩුවී ආහාර හිඟයක් ඇති වීමට නියමිත බව රජයෙන්ම අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් මේවන විටත් ගොවීන්ට පොහොර ලබා දීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන අතර කාබනික පොහොර වැඩපිළිවෙලද අකර්මන්‍ය වී තිබෙනවා.
මේ අතර රජයට පොහොර සමාගම් වලින් පොහොර ලබා ගැනීමට නොහැකි තත්වයක් හට ගෙන තිබෙනවා.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය 2019 වසරේ සිට පොහොර සමාගම් වලට රුපියල් මිලියන 34000ක් ගෙවීමට ඇති බවයි.
රසායන පොහොර සඳහා රුපියල් මිලියන 29000ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 5000 ක් මෙලෙස ගෙවීමට තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ඉදිරිපත් කරන අය වැය මගින් එම මුදල් ගෙවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09