hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 13, ප.ව. 10:44



ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 වනදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වරට එරට හමුදා ගාසා තීරය වෙත ඇතුල්ව තිබෙන බව ඔවුන් විසින් නිල වශයෙන් සඳහන් කළා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ සිය යුධ ටැංකි සහ හමුදා, කුඩා කණ්ඩායම් ලෙස, සීමිත ප්‍රදේශවල කෙරෙන මෙහෙයුම් සඳහා ගාසා තීරය වෙත ඇතුල් වූ බවයි.

ඔවුන්ගේ අරමුණ හමාස් ත්‍රස්තවාදීන් ඝාතනය කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ තොරතුරු සෙවීම බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයකු වන රියර් අද්මිරාල් ඩෙනියෙල් හගාරි සඳහන් කළා.

ඊශ්‍රායලය වෙත පහරදීමට උත්සාහ කළ යුධ ටැංකි නාශක කණ්ඩායමක් විනාශ කළ බවත් එම ප්‍රකාශකයා කියා සිටියා.