hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:33



කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු සිය නිවස තුලදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සිරුරු දෙකක් ඊයේ (16) දින හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

පෙරියපරන්තන් අක්කර 12 ප්‍රදේශයේ පදිංචි  මෙම තරුණියන් දෙදෙනා සියදිවි හානිකරගැනීමට පෙර පිලියක්ද ලියා ඇති බවට සිරුරු ආසන්නයේ තිබියදී එම ලිපිය හමු වූ බවටද පොලීසිය පවසයි.

එහිදී එම ලිපියේහි මිය ගිය තරුණියන් දෙදෙනා ලියා ඇත්තේ “සියලු දෙනාට අපට සමාව දෙන්න අපගේ මරණයට කිසිවෙකුත් වගකිව යුතු නැහැ. අපේ මරණයට අපිමයි වගකිව යුත්තේ අපිට තවත් මේ මහපොළවේ ජීවත් වීමට නොහැකියි. අපට සමාව දෙන්න” යනුවෙනි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අක්කර 12 හි පදිංචි 17 හැවිරිදි ලෝගෙස්වරන් තමිලණි සහ සුරෙස්කුමාර් තනිකෙයි යන තරුණියන් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනා ගෙලවැලලාගෙන ඇත්තේ ලෝගේස්වරන් තමිලනී යන අයගේ නිවසේදීය.

කෙසේ වෙතත් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරනය නොමැති අතර සිරුරු දෙක පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.