hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:31



කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයෙන් මතුවන අද්භූත ශබ්දය පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීම අද (19) සිදු කෙරුණා.

ඒ පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැණීමේ ඒකකයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන්.

පසුගිය දින කිහිපය තුළ කොත්මලේ හැදුනුවැව වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයෙ පොළොවෙන් මහා විශාල ශබ්දයක් නැගෙන බව සහ ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ලැබී තිබුණා.

ඒ අනුව මෙම භූමිය පරික්ෂා පරීක්ෂා කිරීමක් සිදු කෙරුණු අතර එහි තත්ත්වයන් පිළිබඳව හා ඇසෙන ශබ්දයට හේතුව පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා කටයුතු කළා.

එම භූමිය පෙර වැවක් තිබුණු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශය යටින් ජල කාන්දු වීමක් දක්නට ලැබෙන අතර එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවත් ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මානය විය හැකි ප්‍රවණතාවයක් ඇති බවත් මහාචාර්යවරයා පැවසුවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ නිල වශයෙන්ම භූමිය පරීක්ෂාකර භූ විද්‍යා හා පතල් කැනීමේ ඒකකයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: