hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 6:28



කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසෙන අත්භූත භයංකාර ශබ්දයෙන් හා ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට පැවැති දෛනික පරිභෝජනයට ලබාගත් ජල මූලාශ්‍ර හිටිහැටියේ සිදියාම නිසා භීතියට පත් ප්‍රදේශවාසීන් දින 4ක් නිදි වර්ජිතව විසඳුම් සොයන්නට දිවා රෑ එක තැනකට එකතු වන බවත් මේ පිළිබඳව කඩිනමින් පර්යේෂණයක් හා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලගොඩ මහතා පැවසුවා.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියේ කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (18) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ පොදු ක්‍රීඩා භූමියේ පොළොව අභ්‍යන්තරයෙන් වැසි සහිත කාල වලදී ඇසෙන ඉතාමත් බියකරු ශබ්දයෙන් පීඩා විඳින ජනතාවගේ ඉල්ලීමට අනුව ඔහුන් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දීමේ අරමුනෙන් අදාළ භූමි ප්‍රදේශය මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට භාජනය කර තිබූ අතර එහිදී කිසිදු අනතුරුදායක හෝ ආපදා තත්ත්වයක් තහවුරු වී නොමැති අතර කඩිනමින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්‍යාංශය ලවා විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.

මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මුලින් වැවක් ව තිබුණු ස්ථානයක් 2013 වර්ෂයෙදී පස් පුරවා ක්‍රීඩාංගණයක් බවට පත් කළ වෑතලාව ක්‍රීඩාංගනය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ ඇතිවන ඝෝෂාකාරී ශබ්දයක් නිකුත් වීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පූඩළුඔය පොලීසිය, ග්‍රාමසේවා නිලධාරිවරයා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ කොත්මලේ වේල්ල භාරව කටයුතු කරන නිලධාරීන් සමග සිද්ධිය සම්බන්ධ වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයට ගොස් මූලික පරීක්ෂණයක් පසුගිය දා සිදු කළ ද ඒ පිළිබඳව මහජනතාව සෑහීමකට පත් නොවන බැවින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයට එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විමට ලිපියක් යොමුකර ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: