hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 2:08



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සුජිත් සංජය පෙරේරා,රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුව හෙට පෙරවරු 11.00 ට පළමු වරට රැස් වීමට නියමිත බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

එහිදී එම සිදුවීම සිදුවූ පාර්ලිමේන්තු පරිශ්‍රයේ සී.සී.ටීවී දර්ශන,සමාජ මාධ්‍යයේ සංසරණය වූ දර්ශන ඇතුළු සාක්ෂි සටහන් නිරීක්ෂණය කිරීම සිදුවන බවද හෙතෙම කියා සිටියා.

අනතුරුව සිද්දියට සම්බන්ධ මන්ත්‍රීවරුන් කැඳවා සාක්ෂි සටහන් කරගැනීමද සිදුකිරීමට නියමිත බවද රාජපක්ෂ මහතා සඳහන් කළා.

හැකි විගස එම වාර්තාව කතානායකවරයාට ලබාදීමටද නියමිතව තිබෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: